ජීවිතය
හරිහමං නැවතුමක් නැති
තප්පරයක් විශ්වාස නැතිහරි අපූරු ලෝකෙ,
තනියෙන් යන ගමනවත්
ඉමක් නොපෙනෙන,
වෙනස්වීම උරුම කරගත්තු
අපේ ජීවිතවලට,
තවත් කෙනෙක්ට බලාපොරොත්තු දෙන්න
මෙතන හොඳයි නවතිමුයි කියන්න
හැකිනම්....
ආදරේ ජීවිතේම උනාට
ජීවිතේ කියන්නෙ ආදරේට විතරක් නෙමේ..
ඉතින් තමන්ට තමන්වත් අයිති නැතිව
වෙන කෙනෙක් අයිති කරගන්න ගිහින්
දුක් වෙන්න, දුක් දෙන්න එපා..
කාලය සහ කැපවීම
තීරණය කරයි අනාගතය..
_ඇට්ටේරියා
Comments
Post a Comment